フォローお願い
iBookstore
Android app on Google Play
好きです!
A programme by
විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා
2015年6月17日

ඉතාමත් දීප්තිමත් හා අති දැවැන්ත සිදුවීමක් ලෙස සැලකෙන මහා පිපිරුම මගින් විශ්වයේ ආරම්භය සිදු විය. නමුත් විශ්වයේ ඇරඹුම පිලිබදව තේරුම් ගැනීමට නොහැකි වූ කරුණු රැසක් පවතී.

විශ්වයේ ආරම්භයෙන් බොහෝ කාලයක් යනතුරු එය නිහඩ අඳුරු සහ හිස් අවකාශයක් ලෙස පැවතුනා. විශ්වයේ මුල්ම තාරකා බිහිවීම සිදු වන්නේ මහපිපුරුමෙන් වසර මිලියන සියයකට පසුවයි. එම කාලය වනතෙක් විශ්වයේ පැවතුනේ වායු වර්ග පමණයි.

විශ්වයේ මුලින්ම හටගත් තාරකා කිසිවක් අද වනවිට දකින්නට නැහැ. ඒවා මීට බොහෝ කාලයකට පෙර විනාශ වී ගොස් ඇතත් විද්‍යාඥයන් ගේ මතය වන්නේ මෙම මුල්ම තාරකා මහපිපුරුම සමග හටගත් පදාර්ථ වලින් නිර්මාණය වන්නට ඇති බවයි.  

තාරකා ඇති වීමට පෙර විශ්වයේ මුලද්‍රව්‍ය ලෙස පැවතුනේ හයිඩ්‍රජන්, හීලියම්, සහ ලිතියම් පමණයි. ඒ අනුව මුල්ම තරු මෙම මුලද්‍රව්‍ය වලින් නිර්මාණය වී පවතින්නට ඇතැයි විශ්වාස කරනවා. මෙය සුර්යා ඇතුළුව අපේ මන්දාකිනිය තුල ඇති සියලු තරු වල සංයුතියට වඩා වෙනස් තත්වයක්.

ආලෝකයට පවතින කාල තරණය කිරීමේ හැකියාව නිසා විශ්වයේ මුල්ම තාරකා දැක ගැනීමට තාරකා විද්‍යාඥයන් විසින් ඈත විශ්වය නීරීක්ෂණයේ යෙදෙනවා. ඒ අනුව අතිශය දීප්තිමත් යොවුන් මන්දාකිනි රැසක් සොයා ගැනීමට සමත් වී සිටිනවා.  

CR 7 යනු ඒ අනුව සොයා ගත් ආදී කාළීන විශ්වයට අයත් දීප්තිමත්ම මන්දාකිනියයි. මෙහි ඇති සේයාරුව එම මන්දාකිනිය සිත්තරකු දකින ආකාරයයි. එහි මුතු කැට මෙන් බබළන්නේ විශ්වයේ මුලින්ම නිර්මාණය වූ තාරකා ආලෝකයයි.  

අපිව නිර්මාණය කිරීමට දායක වී ඇති බැර අංශු නිපදවා විශ්වයට මුදා හැර තිබෙන්නේත් මෙම මුල් තාරකා වලින්.

ඔබේ දැනුමට

විශ්වයේ මුලින්ම නිර්මාණය වූ තාරකා අපගේ සුර්යා මෙන් සිය දහස් ගුණයක ඉතා දැවැන්ත විශාලත්වයෙන් යුක්ත වී තිබෙනවා. 

Share:

Printer-friendly

PDF File
1017.4 KB