フォローお願い
iBookstore
Android app on Google Play
好きです!
A programme by
දකුණු අහසේ අවතාරය
2015年8月11日

මෙම අභ්‍යවකාශ සේයාරුවේ දැක්වෙන අලංකාර ආලෝක බුබුල අඳුරු අවකාශයේ සැරිසරන තාරකා  අවතාරයකි. තාරකා සිය අවසන් මොහොත එළඹුන පසුව අවතාර බවට පත් වන බව ඔබ දැන සිටියාද?

අපගේ සුර්යාට සමාන තාරකාවක් ලෙස පැවතුන මෙම වස්තුව දැන් තාරකා අවතාරයක් බවට පත් වී තිබේ. තාරකා අවතාර ග්‍රහ නිහාරිකා ලෙස හඳුන්වන  අතර තාරකාවක් මියගිය පසු ඉතිරි වන ද්‍රව්‍ය වලින් නිර්මාණය වේ.

කුඩා දුරදක්නයකින් නිරීක්ෂණය කලවිට බකමුනකුට සමාන හැඩයකින් යුක්ත නිසා මේ දීප්තිමත් නිහරිකාව දකුණු බකමුනා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි! (විශ්වාස කලත් නැතත්)

මියයන තාරකාවන්ගේ බාහිර වායු තීරයන් වල පාලනය ගිලිහි ඒවා අභ්‍යවකාශයට පාවී යාම නිසා ග්‍රහ නිහාරිකා නිර්මාණය වේ. පෙනුමින් ඉතා අලංකාර නමුත් කෙටි කලක් පවතින අභ්‍යවකාශ වස්තුන් විශේෂයක් ලෙස ග්‍රහ නිහාරිකා හැඳින්විය හැක. වසර බිලියන ගණනක ආයු කාලයක් තාරකාවකට පැවතියද එයින් නිර්මාණය වන ග්‍රහ නිහාරිකාවක් පවතින්නේ වසර දහස් ගණනක් පමණි !

මෙම අභ්‍යවකාශය අවතාර මගින් විශ්වයට ඉටු කරන වැදගත් මෙහෙයක් වන්නේ අන්තරීක්ෂ දුවීලි නිර්මාණය කිරීමයි. කාබන්, ඔක්සිජන් වැනි වැදගත් මුලද්‍රව්‍ය අන්තරීක්ෂ දුවීලි වල අඩංගු වේ. මේවා තාරකා අභ්‍යන්තරයේ පමණක් නිපදවෙන අතර මෙම මුලද්‍රව්‍ය රහිතව පෘටිවියේ ජීවයක් බිහි නොවනු ඇත.

තරුවක් මියගිය පසු මෙම මුලද්‍රව්‍ය විශ්වයට මුදා හැරෙන අතර ඒවායින් නව තාරකා හෝ ග්‍රහලෝක පමණක් නොව අප වැනි ජීවින් පවා නිර්මාණය වේ. "අපි තාරකාමය ද්‍රව්‍ය වලින් නිර්මාණය වී ඇත්තෙමු" ලෙස ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ කාල් සාගන්ද වරක් ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසාය. 

ඔබේ දැනුමට

දකුණු බකමුනා නිහාරිකාව අපේ සුර්යා ගේ ප්‍රමාණයට සමාන තාරකාවකින් බිහිවුවද එය මේ වන විට අපේ සෞර ග්‍රහ මණ්ඩලය මෙන් සිවු ගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාල වී ඇත!

Share:

Printer-friendly

PDF File
992.6 KB