フォローお願い
iBookstore
Android app on Google Play
好きです!
A programme by
විශ්ව ප්‍රතිචක්‍රීකරණය: තාරකා වලින් ඉගෙන ගනිමු
2015年9月4日

ඔබ කසල බඳුනකට දමන ප්ලාස්ටික් බෝතලය තව වසර සියයකට පසුත් ගොඩකළ ඉඩමක හෝ සාගරයේ පාවෙමින් පවතිනු ඇත. තව වසර සියයකින් පෘටිවිය කොයි අකාරයේන් වෙනස් වී පවතීද යන්න කිසිවකුට නිශ්චිත ව කිව නොහැක. නමුත් අප දන්නා පරිදි ප්ලාස්ටික් බෝතලය නම් එලෙසින්ම ප්ලාස්ටික් බෝතලයක් ලෙස පවතිනු ඇත.

මෙසේ සිදුවීම වැළැක්වීමට අපට කල හැකි දේ මොනවාද? අපට විශ්වය උදාහරණයකට ගෙන අපට ප්‍රතිචක්‍රීකරණය සිදු කල හැක. අපේ සුර්යා , පෘටිවය හා සොරග්‍රහ මණ්ඩලයේ හට ගන්නට පෙර පැවති මුල් තාරකා මගින් හයිඩ්‍රජන් වායුව දහනය කර හීලියම් නිපදවන ලදී. ඉන්පසු හීලියම් ද දහනය කර කාබන් ඔක්සිජන් වැනි සෙසු මුලද්‍රව්‍ය නිපදවන ලදී.

මිනිසුන් මෙන්ම තාරකාද ඉපදී, ජීවත්වී මියයාම සිදුවේ. ඒවා සුවිසල් සුපර්නෝවා පිපුරුම් මගින් මිය යන විට හෝ බාහිර ස්ථර වල බලපෑම ගිලිහී යාම හේතුවෙන්  අභ්‍යන්තරයේ පැවති රසායනික මුලද්‍රව්‍ය අවකාශයට විසිරී යෑම සිදුවේ.

ඉහත  සේයාරුවෙන් දිස්වන්නේ අභ්‍යවකාශයේ විශාල ප්‍රදේශයක් පුරා විසිරී ඇති නිහරිකාවකි. වසර මිලියන ගණනක සිට මෙම නිහාරිකාවේ වායු උපයෝගී කරගනිමින් තාරකා නිර්මාණය වී තිබේ. එමෙන්ම වසර මිලියන ගණනක් තිස්සේ එම තාරකා මියගොස් නැවත නිහරිකාවට  වායු ලබා දීම චක්‍රීයව සිදු වී ඇත.

විශ්ව ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය නොමැතිව සුර්යා, ග්‍රහලෝක සමග අපේ සෞර ග්‍රහ මණ්ඩලය නොපවතිනු ඇත. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පෘටිවය මත ජීවය හටගැනීමටද විශාල දායකත්වයක් ලබා දී තිබේ. එම ජීවයේ පැවැත්ම සඳහා ප්‍රතිචක්‍රීකරණය, අපේ එදිනෙදා ජීවිත වලටද වැදගත් ලෙස දායක කර ගත යුතු වේ.     

ඔබේ දැනුමට

ප්‍රතිචක්‍රීකරණය අපහසු කාර්යක් නොවේ. එය වින්දනය කල හැකි යමකි. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් යොදා ගෙන ආභරණ රඳවනයක්, අලංකාර මල් පෝච්චි හෝ ජෙට් පැක් එකක් සාදා නොගන්නේ ඇයි. පිවිසෙන්න http://www.boredpanda.com/plastic-bottle-recycling-ideas/

Share:

Printer-friendly

PDF File
1.1 MB