フォローお願い
iBookstore
Android app on Google Play
好きです!
A programme by
හදවතින් තරුණ අපගේ මන්දාකිනිය
2015年11月2日

ඉතා අඳුරු ප්‍රදේශයක සිට සඳ නොමැති දිනක රාත්‍රී අහස නිරීක්ෂණය කරන ඔබට අහස හරහා වැටී ඇති, කිරි සුදු පාටින් දුබල ලෙස බබලන ක්ෂීරපථය මධ්‍යය දැක ගත හැකිය. ක්ෂීරපථය යනු අප අයත් වන මන්දාකිනියයි. පුරාණ ග්‍රීක ජාතිකයන් මෙය “ගැලේක්සියස් කික්ලොස්” හෙවත් “ක්ශීර කවය” ලෙස නම් කලහ. මන්දාකිනියක් හැඳින්වීමට යොදා ගන්නා “ගැලෙක්සි” යන වදන සහ අපගේ මන්දාකිනිය හැඳින්වීමට යොදා ගන්නා “ක්ෂීරපථය” යන වදන ඒ අනුව ලැබී ඇත. නමුත් මෙහි දිදුලන මධ්‍යයේ පවතින්නේ මොනවාද?

ගැලීලියෝ ගැලිලි නම් පුද්ගලයා ඔහුගේ නවතම දුරදක්නයෙන් නිරීක්ෂණය කරන තුරුම පැවති විශ්වාසය වුයේ එය අපැහැදිලි අන්තරීක්ෂ වලාවක් බවයි. නමුත් එය ඇත්තටම තරු මිලියන ගණනකින් සමන්විත වුවක් බව දැක ඔහු විශ්මයට පත්විය. පියවි ඇසට වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි තරු ගණනාවක ආලෝකය එක්වීම හේතුවෙන් දිදුලන ගෝලයක් ලෙස එය දැකිය හැකිය.

ක්ෂීරපථ මධ්‍යය ඉතා කාර්යබහුල පෙදෙසකි. ගැලීලියෝට වඩා දියුණු දුරදක්න භාවිතා කරන වර්තමානයේ පවා නිවැරදි ලෙසම එහි පවතින්නේ මොනවාද යන්න නිරීක්ෂණය කීරීම අපහසු වී තිබේ. මීට ප්‍රධාන හේතුව අන්තරීක්ෂ දුවිලි නිසා ආලෝක කිරණ වලට ඇතිවන බලපෑමයි.

නමුත් අධෝරක්ත ආලෝකයට මෙම අන්තරීක්ෂ දුවිලි හරහා ගමන් කිරීමේ හැකියාව පවතී. ඒ අනුව අධෝරක්ත කිරණ සංවේදී දුරදක්න යොදා ගෙන මෙම දුවිලි තීර වලට එපිටින් ඇත්තේ මොනවාද යන්න නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ. ඒ අනුව නව තරු පොකුරු, තරු පිපුරුම් ඇතුළු නව ආකාශ වස්තු රැසක් සොයා ගෙන තිබේ.

ඔවුන්ගේ නවතම සොයා ගැනීම ක්ෂීරපථ මධ්‍යයේ ඇති ඉතා තරුණ තාරකා කණ්ඩායමකි. ඉහත සේයාරුවේ රතු පැහැ තිත් වලින් එම තරු පිහිටි ප්‍රදේශය පෙන්නුම් කරනු ලබයි. රන්වන් පැහැති තරුවෙන් පෙන්නුම් කරන්නේ අප සිටින පෙදෙසයි.

මීට පෙර තාරකා විද්‍යාඥයන් විශ්වාස කලේ ක්ෂීරපථ මධ්‍යයේ පිහිටා ඇත්තේ පැරණි තාරකා බවයි. මෙම නව සොයා ගැනීම සමග අලුත් තාරකාද ක්ෂීරපථ මධ්‍යයේ බිහිවෙමින් පවතින බව තහවුරු වී ඇත. ඒ අනුව අපගේ මන්දාකිනියේ හදවත අප සිතුවාට වඩා තරුණ බව කිව හැකිය. 

ඔබේ දැනුමට

ක්ෂීරපථ මධ්‍යයත්, එහි පිටත මායිමත් අතරමැද අපේ සෞරග්‍රහමණ්ඩලය පිහිටා තිබේ. ක්ෂීරපථ මධ්‍යයයේ සිට පෘටිවිය තෙක් ආලෝකයට ගමන් කෙරීමට වසර විසිහයදහසක් ගතවේ. 

Share:

Printer-friendly

PDF File
1010.4 KB